Blogs

හත්වන රග්බි ලෝක කුසලානය – 2011

2011 වසරේ නවසීලන්තයේ පැවති හත් වන රග්බි ලෝක කුසලාන තරගාවලිය තුල කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට Richie MaCaw ප්‍රමුක සත්කාරක All Blacks කණ්ඩායම සමත් වෙනවා.අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ඔස්ට්‍රේලියාව පරදා අවසන් මහා තරගයේ වරම් දිනා ගැනීමට නවසිලන්ත කණ්ඩායම සමත් වෙනවා.

මුලික වටයේ කාණ්ඩ අතර පැවති සියලු තරඟ අවසන් වූ පසු සම්පුර්ණ ලකුණු සටහන

අනෙක් අන්තයෙන් අවසන් තරගය වෙනුවෙන් තේරී පත්වීම සඳහා ප්‍රංශය හා වේල්ස් අතර අවසන් පූර්වතරගය පැවැත්වෙනවා. එම තරගයේදී වේල්ස් කණ්ඩායමේ Flanker ක්‍රීඩක Sam Warburton හට ලබාදුනු රතු කාර්ඩ් පත එවක සිටි රග්බි විචාරකයන්ගේ දැඩි මතබෙදයකට ලක්වෙනවා. කෙසේ වෙතත් තියුණු සහ මතබේදාත්මක තරගයකින් අනතුරුව ලකුණු 09 – 08ක් ලෙස වේල්සය පරදා ප්‍රංශය අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වෙනවා.

නවසීලන්තයේ Eden Park ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර තරගයේ ප්‍රථම උත්සාහක දිනුම නවසීලන්තය වෙනුවෙන් වාර්තා කිරීමට Tony Woodcock සමත් වෙනවා. ඉන්පසු නවසීලන්තය වෙනුවෙන්ම Stephen Donald විසින් සාර්ථක කර ගත් දඩුවම් පහර සමගින් නවසීලන්තය ලකුණු 8ක් වාර්තා කිරීමට සමත් වෙනවා.

දෙවන අර්ධය ආරම්යේභයේදීම ප්‍රංශ ක්‍රීඩක Thierry Dusantoire විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන අතර එහි පරිවර්තකයද සාර්ථක කර ගනිමින් ප්‍රංශය ලකුණු 7ක් දක්වා පැමිණීමට සමත්වෙනවා. ඉන්පසු දැඩි උණුසුම් තරගයක් ක්‍රීඩා කලත් කණ්ඩායම් දෙකටම කිසිදු ලකුණක් වාර්තා කිරීමට හැකිවන්නේ නෑ.

ඒ අනුව නවසීලන්තය තම දෙවන ලෝක කුසලානය 2011 වසරේදී දිනාගන්නේ ලකුණු 08 – 07 ක් ලෙස ප්‍රංශය තියුණු ලෙස පරාජය කරමිනුයි.

අවසන් මහා තරඟයේ අවස්ථා
All Blacks ජයග්‍රාහී මොහොත
All Blacks ලෝක කුසලානය සමග
All Blacks ජයග්‍රාහී මාර්ග සිතියම

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

previous arrow
next arrow
previous arrownext arrow
Slider

Leave a Reply

Your email address will not be published. Required fields are marked *