Blogs

පස්වන රග්බි ලෝක කුසලානය – 2003

Wallabies vs england 2003

2002 වසරේ අවසානයේ පැවති තරඟයකදී දකුණු අප්‍රිකාව ලකුණු 53 – 03 ක් ලෙස පරාජය කරමින් සහ 2003 වසරේ ආරම්භයේ පැවති තරඟ වලදී ප්‍රභල ඕස්ට්‍රේලියා සහ නවසිලන්ත කණ්ඩායම් පවා පරාජය කරමින් ලෝක කුසලානය වෙත පැමිණි පෙරළිකාර එංගලන්ත කණ්ඩායම 2003 වසරේ පැවැත්වූ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වෙනවා. ඒ තරඟාවලිය තුල අර්ධ අවසාන පුර්ව තරඟයේදී වේල්සය සහ අර්ධ අවසාන තරඟයේදී ප්‍රංශය පරාජය කරමිනුයි.

මුලික වටයේ කාණ්ඩ අතර පැවති සියලු තරඟ අවසන් වූ පසු සම්පුර්ණ ලකුණු සටහන.

අනෙක් අන්තයෙන් අර්ධ අවසන් පුර්ව තරඟයේදී ස්කොට්ලන්තය හා අර්ධ අවසාන තරඟයේදී නවසීලන්තය පරාජය කරමින් පසුගිය වර ලෝක ශුරයින් වූ ප්‍රභල ඔස්ට්‍රේලියාව 2003 වසරේදීත් රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගන්නවා.

ඒ අනුව 1991 දී පැවති දෙවන ලෝක කුසලාන අවසන් මහා තරගයේදීත් එකිනෙකා හා ගැටුණු ඕස්ට්‍රේලියා සහ එංගලන්ත කණ්ඩායම් නැවත වතාවක් 2003 වසරේදී අවසන් මහා තරගයකදී එකිනෙකා හමුවෙනවා. ඒ අනුව 2003 නෙවැම්බර් 23 වන දින නවසීලන්තයේ Sydney නගරයේ Telstra ක්‍රීඩාංගනයේ පැවතී අවසන් තරගයට එංගලන්තය පිවිසෙන්නේ 1991 දී ඕස්ට්‍රේලියානුවන් අතින් තම රටට අත්වූ ඉරණමට වාඩුව පියව ගැනීමේ දැඩි උවමනාවෙන්ස. ඔස්ට්‍රේලියානුවන්ද තම තුන්වන ලෝක කුසලාන සිහිනය සහිතව තරගබිමට පිවිසෙනවා.

අවසන් මහා තරඟයේ අවස්ථා
අවසන් මහා තරඟයේ අවස්ථා

ඒ අනුව අවසන් තරඟයේදී කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවෙනි කරට කර සටනක් එකිනෙක හට ලබා දෙමින් ලකුණු 14ට 14ක් ලෙස සම තත්වයෙන් තරඟය අවසන් කරනවා. ඉන් පසුව ක්‍රීඩාකළ අතිරේක කාලයේදීත් කණ්ඩායම් දෙකම දඩුවම් පහර බැගින් සාර්ථක කර ගැනීමත් සමගම තරගයේ උණුසුම තව තවත් ඉහල නැංවෙනවා. 

අවසන් මහා තරඟයේ අවස්ථා

නමුත් අතිරේක කාලයේ අවසන් මිනිත්තුව තුලදී එංගලන්තය Fly half ක්‍රීඩක Jonney Wilkinson වාර්තාකළ සුප්‍රසිද්ද සහ ජයග්‍රාහී ඩ්‍රොප් ගෝලය (Drop Goal) එංගලන්ත කණ්ඩායමට ප්‍රථම වතාවට ලෝක කුසලානයක් ස්පර්ශ කිරීමට අවස්ථාව උදාකර දෙනවා. එංගලන්තය මෙන්ම මුළු යුරෝපයම සතු ප්‍රථම සහ එකම රග්බි ලෝකකුසලනය මෙයයි.

Jonney Wilkinson වාර්තාකළ ජයග්‍රාහී ඩ්‍රොප් ගෝලය
ඩ්‍රොප් ගෝලය
එංගලන්ත නායකයා කුසලානය සමග
එංගලන්ත ජයග්‍රාහී මාර්ග සිතියම

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

previous arrow
next arrow
previous arrownext arrow
Slider

Leave a Reply

Your email address will not be published. Required fields are marked *