Trophy 1999 RWC
Blogs

සිව්වන රග්බි ලෝක කුසලානය – 1999

සිව්වන වරට පැවැත්වූ රග්බි ලෝක කුසලාන තරඟාවලිය සඳහා සත්කාරකත්වය සැපයුයේ වේල්සය ඇතුළු යුරෝපයයි. ප්‍රථම වරට කණ්ඩායම් 20 ක සහභාගිත්වයෙන් පවත් වූ මෙම තරඟාවලියේ මුලික වටය කාණ්ඩ 5 කින් සමන්විත උණා. කෙසේ වෙතත් අවසානයේ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය සමත් වෙනවා.

pools RWC 1999
මුලික වටය අවසානයේ එක එක කාණ්ඩ යටතේ කණ්ඩායම් ලබාගත් ලකුණු සටහන

මෙම තරඟාවලියේ එක් අර්ධ අවසන් පූර්ව තරඟයක් එංගලන්තය සමගින් පසුගිය වර ලෝක ශුර දකුණු අප්‍රිකානුවන් ක්‍රීඩා කරන අතර එම තරඟය තුලදී අප්‍රිකානු Fly Half ක්‍රීඩක Jennie de beer විසින් ඩ්‍රොප් ගෝල(Drop Goals) 5 ක් වාර්තා කරමින් එංගලන්තය පරදා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. ඕස්ට්‍රේලියා කණ්ඩායමට අවසන් පූර්ව වටයේදී මුහුණ දීමට සිදුවන්නේ ප්‍රභල දකුණු අප්‍රිකානුවන්ටයි. කෙසේ වෙතත් අවසන් පූර්ව තරඟය ලකුණු 27 – 21 ක් ලෙස අප්‍රිකානුවන් පරදා ජය ගෙන තම දෙවන ලෝක කුසලාන සිහිනයේ තවත් පියවරක් ඉදිරියට යාමට ඔස්ට්‍රේලියාව සමත් වෙනවා.

Stephan Larkham විසින් අප්‍රිකාවට එරෙහිව අවසන් පූර්ව තරඟයේදී එල්ල කල ඩ්‍රොප් ගෝලය

දෙවන වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් තරඟය සඳහා වරම් දිනාගන්නේ අවසන් පූර්ව තරඟයේදී ප්‍රභල නවසීලන්තය ලකුණු 43 – 31 ක් ලෙස පරාජය කරමිනුයි. ප්‍රංශය සහ නවසීලන්තය අතර පවතී එම අවසන් පූර්ව තරඟයේ ප්‍රථම අර්ධය නිමා වන්නේ ලකුණු තත්වය 24 – 10 ක් ලෙස නවසීලන්තය ලකුණු 14 ක් ඉදිරියෙන් සිටියදීයී. නමුත් දෙවන අර්ධය තුල ඉතා ආක්‍රමණශීලි තරඟ රටාවකට යොමු වූ ප්‍රංශය එම අර්ධයේදී ලකුණු 33 ක් වාර්තා කරන අතර නවසීලන්තයට එම අර්ධයේදී ලබා ගැනීමට හැකි වන්නේ ලකුණු 7 ක් පමණයි. ඒ අනුව ප්‍රංශය ඔවුන්ගේ ප්‍රථම ලෝක කුසලාන සිහිනය සැබෑ කරගැනීම සඳහා අවසන් තරඟය වෙත ඇතුළු වෙනවා.

ප්‍රංශය විසින් නවසීලන්තය ලකුණු 43 - 31 ක් ලෙස පරාජය කිරීම

ඒ අනුව 1999 රග්බි ලෝක කුසලාන අවසාන මහා තරඟය වේල්සයේ Cardiff හි Millenium ක්‍රීඩාංගනයෙදී පැවැත්වෙනවා. අවසන් පූර්ව තරඟයේදී ප්‍රභල නවසීලන්තයට එරෙහිව දැඩි ආක්‍රමණයක් දියත් කළත්, ප්‍රංශයට අවසන් මහා තරඟයේ ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව එවැන්නක් කිරීමට හැකි වන්නේ නෑ. අවසන් මහා තරඟයේ අති දක්ෂ ලෙස ක්‍රීඩා කරන Wallabies තරඟය ජය ගන්නේ ලකුණු 35 – 12 ක් ලෙස ඉතිහාසයේ ලෝක කුසලාන අවසන් මහා තරඟයක වැඩිම ලකුණු පරතරයක් සහිතව ජය ගත් තරඟය ලෙස වාර්තා පොත් අලුත් කරමිනුයි.

1999 RWC Final
Tim Horan ප්‍රංශයට එරෙහිව
Wallabies නායක John Eales කුසලානය සමග
1999 RWC Final
Tim Horan ප්‍රංශයට එරෙහිව
Wallabies Road map 1999
Wallabies ජයග්‍රාහී මාර්ග සිතියම

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

previous arrow
next arrow
previous arrownext arrow
Slider

Leave a Reply

Your email address will not be published. Required fields are marked *