1995 Rugby World cup
Blogs

තෙවන රග්බි ලෝක කුසලානය – 1995

රග්බි ලෝක කුසලාන තරඟාවලි අතුරින් 1995 පැවතී ලෝක කුසලාන තරඟාවලිය ලොව පුර වැඩිම දෙනෙකුගේ කතාබහට ලක් වූ තරඟාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වර්ණ භේද වාදී ගැටුම් අවසන් කර නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස තේරී පත්වීමත්, රටෙහි අභ්‍යන්තර අස්ථායිතාව නිසා පසුගිය ලෝක කුසලාන තරඟාවලි සඳහා සහභාගී වීමට වරම් හිමි නොවූ දකුණු අප්‍රිකානු Springboks කණ්ඩායම ප්‍රථම වරට ලෝක කුසලාන තරඟාවලියක ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකර ගැනීමත් සහ එවර රග්බි ලෝක කුසලානයට සත්කාරකත්වය සැපයීමට දකුණු අප්‍රිකාව ඉදිරිපත් වීමත් නිසා.

1995 Spring Boks
වාර්ගික වර්ණවාදී ගැටුම් නිම කොට "එක කණ්ඩායමක්, එක රටක්" තේමාව යටතේ තරඟාවලියට සපැමිණි Spring Boks කණ්ඩායම

පසුගිය තරඟාවලි මෙන්ම කණ්ඩායම් 16 ක් කාණ්ඩ 4 ක් යටතේ මුලික වටය තරඟ කිරීමට කටයුතු යොදා තිබුනා. තරඟාවලියේ ප්‍රථම තරඟය ලෙස සත්කාරක දකුණු අප්‍රිකානු Boks කණ්ඩායම සහ පසුගිය ලෝක ශුරයන් වූ Wallabies අතර පැවැත්වුනා. 

RWC Pools 1995
මුලික වටයේ කාණ්ඩ අතර පැවති සියලු තරඟ අවසන් වූ පසු සම්පුර්ණ ලකුණු සටහන.

ලෝක කුසලාන තරඟාවලියට පෙර පැවති තරඟ වලදී එතරම් දක්ෂතා අතර නොසිටියත් Francois Pienaar ගේ නායකත්වය යටතේ ක්‍රීඩාකළ Springboks වරුන් දැවැන්ත ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින් තම ප්‍රථම ලෝක කුසලාන අත්දැකීම ජයග්‍රහණයකින් කෙලවර කිරීමට සමත්වෙනවා. වසර ගණනාවක් එකිනෙකා සමගින් වෛර කරගත් කළු සහ සුදු අප්‍රිකානුවන් ප්‍රථම වරට එකට එක්ව අප්‍රිකානු රග්බි කණ්ඩායම වෙනුවෙන් ඔවුන් දිරි ගැන්වීමට එක්ව සිටීම එවකට ලොව පුරා කතාබහට ලක් වූ සිදුවීමක් වුනා.

තරඟාවලියේ ප්‍රථම තරඟය වූ සත්කාරක දකුණු අප්‍රිකානු සහ පසුගිය ලෝක ශුර ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතර පැවති තරඟය අතරතුර

මිලියන ගණනක කළු සහ සුදු අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු සහ ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ ආශිර්වාදය සහිතව, ලෝක කුසලාන තරඟාවලියට පෙර පැවති ආසන්නම තරඟ වලදී තමාව පරාජය කල ශක්තිමත් එංගලන්ත කණ්ඩායම පවා පරාජය කරමින් ලෝක කුසලාන අවසන් තරඟය සඳහා සුදුසුකම් සපුරා ගැනීමට කොළ සහ රන්වන්(Green & Gold) පැහැයෙන් සැරසි අප්‍රිකානු කණ්ඩායම සමත් වෙනවා. අවසන් පූර්ව තරඟයේ ඔවුන් අතින් පරාජයට පත් වන්නේ ප්‍රංශයයි.

අනෙක් පසින් අවසන් තරඟයට සුදුසුකම් ලබාගැනීමට පෙරළිකාර All Blacks කණ්ඩායම සමත්වන අතර අවසන් පූර්ව තරඟයේදී ඔවුන් අතින් පරාජයට පත්වන්නේ එංගලන්තයයි. තරඟාවලිය පුරාම කාගේත් අවධානය දින සිටි නවසිලන්ත Wing ක්‍රීඩක Jonnah Lomu එම තරඟයේදී කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින් එංගලන්තයට එරෙහිව උත්සාහක දිනුම් 4 ක් වාර්තා කරනවා. තවද මුලික වටයේ ජපානය සමගින් පැවති තරඟයේදී ලකුණු 145 ක් වාර්තා කරන නවසීලන්ත කණ්ඩායම වාර්තා පිට වාර්තා තබමින් සියලු විචාරකයින්ගේ අවධානය තමන් සතු කරගනිමින් ආක්‍රමණශීලි ලෙස අවසන් තරඟය වෙත පැමිණෙන්නේ නැවත වරක් ලෝක කුසලානය තමන් සතු කරගැනීමේ අභිප්‍රාය සමගිනුයි.

Jonnah Lomu අවසන් පුර්ව තරඟයේ එංගලන්ත ක්‍රීඩකයන් අභිභවා යමින් උත්සාහක දිනුම් 4 ක් වාර්තා කළා

1995 ජුනි මස 24 දින දකුණු අප්‍රිකාවේ Johannesburg හි Ellis Park ක්‍රීඩාංගනයේදී අවසන් මහා තරඟය පැවැත්වුනා. ඉතා උණුසුම් සහ කරට කර තරඟ රටාවකින් කණ්ඩායම් දෙකම ක්‍රීඩාකළ අතර තමාට දැවැන්තම අභියෝගය වූ Jonnah Lomu නතර කිරීම සඳහාම වූ සැලසුමකින් පැමිණි අප්‍රිකානු කණ්ඩායම එය සාර්ථක ලෙස නිම කරන්නේ All Blacks හට කිසිඳු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඉඩ නොතබමින්. කෙසේ වෙතත් තරඟයේ 80 වෙනි මිනිත්තුව අවසාන වන විට විට ලකුණු 09 – 09 ක් ලෙස සම තත්වයකයි පවතින්නේ.

Lomu against Springboks 1995
අවසන් මහා තරඟයේ කෙසේ හෝ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට උත්සහ කරන Jonnah Lomu සහ ඔහුව නවත්වන Springbok ක්‍රීඩක Suzy.
Lomu against Springboks 1995
අප්‍රිකානු ආරක්ෂකයින් දෙදෙනෙක් අභිභවා පැමිණෙමින් උත්සාහක දිනුමක් කරා ළඟාවෙමින් සිටි දැවැන්ත Lomu සහ ඔහුව නවතන, ශරීර ප්‍රමාණයෙන් තරමක් කුඩා වූ අප්‍රිකානු scrum-half ක්‍රීඩක Joost van der Westhuizen.

නමුත් ඉන් පසුව ක්‍රියාත්මක කල අතිරේක කාලයේදී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 12 – 09 ක් ලෙස ඉදිරියට පැමිණීමට නවසීලන්තය සමත් වෙනවා. නවසීලන්තයේ ජයග්‍රාහී බලාපොරොත්තු වැඩි වෙලාවක් පවත්වාගන්නට නොදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක Joel Stransky විසින් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් නැවත ලකුණු සම තත්වයකට රැගෙන එනවා. ඉන් පසු ඉතා තියුණු සහ උණුසුම් ලෙස තරඟය ඉදිරියට යද්දී අතිරේක කාලය අවසන් වීමට මිනිත්තු කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ගෝල කණු වලට මීටර 30 ක් දුරින් සිට නැවත වතාවක් ක්‍රියාත්මක වූ Joel Stransky විසින් අප්‍රිකානුවන්ට තම ප්‍රථම ලෝක කුසලානය ස්පර්ශ කිරීමට අවස්ථාව උදාකර දෙන්නේ ජයග්‍රාහී ඩ්‍රොප් ගෝලය තම රට වෙනුවෙන් වර්තා කරමිනුයි. අවසානයේ ලකුණු 15 – 12 ලෙස තම ප්‍රථම ලෝක කුසලානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වෙනවා.

Joel Stransky Final drop goal 1995
Joel Stransky විසින් තරඟයේ ජයග්‍රාහී ඩ්‍රොප් ගෝලය(Drop Goal) වාර්තා කිරීම
Joel Stransky ගේ ජයග්‍රාහී ඩ්‍රොප් ගෝලය ගෝල කණු(Goal post) පසුකර යන අවස්ථාව
ජනාධිපති මැන්ඩෙලා අතින් Springbok නායකයා කුසලානය ලබාගත් මොහොත
1995 Rugby World cup
1995 ලෝක කුසලානය දිනාගත් Springboks නායක Francois Pienaar කුසලානය සමග
1995 RWC Road map
Springboks ජයග්‍රාහී මාර්ග සිතියම

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

previous arrow
next arrow
previous arrownext arrow
Slider

Leave a Reply

Your email address will not be published. Required fields are marked *