RWC Finale 1991
Blogs

දෙවන රග්බි ලෝක කුසලානය -1991

1991 RWC opening

පළමු ලෝක කුසලානය පවත්වා වසර 4 කට පසුව දෙවන වරටත් ලෝක කුසලාන තරඟාවලියක් පැවැත්වීමට ජාත්‍යන්තර රග්බි සම්මේලනය කටයුතු සංවිධානය කරනවා. 1991 රග්බි ලෝක කුසලාන තරඟාවලිය සඳහා සත්කාරක රටවල් කිහිපයක්ම එනම් එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, අයර්ලන්තය සහ ප්‍රංශය සම සත්කාරකත්වයෙන් දෙවන ලෝක කුසලාන තරඟාවලිය පවත්වනු ලබනවා.

පසුගිය වර මෙන්ම මුලික වටය කණ්ඩායම් සියල්ල කාණ්ඩ 4 කට වෙන් කර පැවැත්වීමට කටයුතු කර තිබුනා. 1991 ලෝක කුසලානයේ ප්‍රථම තරඟය ලෙස එවකට ලෝක ශුර නවසීලන්තය සහ එංගලන්තය එකිනෙක හමු වූ අතර එහිදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදා ප්‍රභල All blacks කණ්ඩායම ජය වාර්තා කරනවා. නමුත් ඉන් පසුව පැවතී තරඟ වලට සාර්ථකව මුහුණ දෙමින් පසුගිය වර අනුශුරන් වූ ප්‍රංශය පවා පරාජය කරමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට එංගලන්තය සමත් වෙනවා.

RWC Pools 1991
පසුගිය වර මෙන්ම මුලික වටය කණ්ඩායම් සියල්ල කාණ්ඩ 4 කට වෙන් කර පැවැත්වීමට කටයුතු කර තිබුනා

එතනින් නොනැවතී අවසන් පූර්ව තරඟයෙදී ස්කොට්ලන්තය පරදා අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායමට හැකි වෙනවා.

අනෙක් පසින් අවසන් පුරවා වටයට පැමිණීමට ඕස්ට්‍රේලියානු Wallabies කණ්ඩායම සමත් වෙනවා. මුලික වටවලදී තරමක් පහසු කණ්ඩායම් සමග තරඟ කලත් අවසන් පුර්ව වටයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ප්‍රබල All Blacks කණ්ඩායමයි. එහිදී කිසිවෙකු බලාපොරොත්තු නොවූ තරංග රටාවක් පෙන්නුම් කරමින් පසුගිය ලෝක ශුරයින් පරදවා අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට Wallabies කණ්ඩායම සමත් වෙනවා.

Semi Final 1991
All Blacks සහ Wallabies අතර අවසන් පූර්ව වටයේ තරඟය

1991 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟය එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර එංගලන්තයේ Twickenham ක්‍රීඩාංගනයෙදී පැවැත්වෙනවා. එහිදී තරඟයේ පළමු අර්ධයේදී සත්කාරක එංගලන්තයට එරෙහිව ප්‍රථම උත්සාහක දිනුම Wallaby ක්‍රීඩක Tony Daly විසින් වාර්තා කරන අතර තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට Fly Half ක්‍රීඩක Michael Lynagh සමත් වෙනවා.ඒ අනුව පළමු අර්ධය නිම වන්නේ විට ලකුණු තත්වය 09 – 00 ක් ලෙස ඔස්ට්‍රේලියාව ප්‍රභල තත්ත්වක පසු වෙමිනුයි. නැවත දෙවන අර්ධයෙදී ක්‍රියාත්මක වී තවත් ලකුණු 3 ක් එංගලන්තයට එරෙහිව වාර්තා කරන ඕස්ට්‍රේලියානුවන් තරඟය අවසන් කරන්නේ ලකුණු 12 – 03 ක් ලෙස දෙවන රග්බි ලෝක කුසලානය තමන් සතු කරගනිමිනුයි.

RWC Finale 1991
1991 අවසන් තරඟය අවසානයේ
RWC Finale 1991
1991 ලෝක කුසලානය ජයග්‍රාහී ඕස්ට්‍රේලියානුවන්.
1991 ලෝක කුසලානය අවසන් මහා තරඟයේ අවසන් කිරිමේ විනිසුරු සඥ්ඥාව

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

previous arrow
next arrow
previous arrownext arrow
Slider

Leave a Reply

Your email address will not be published. Required fields are marked *