RWC 1987
Blogs

පළමු රග්බි ලෝක කුසලානය – 1987

නව වන ලෝක කුසලානය අභිමුව සිටින මහත්වරුන් ක්‍රීඩා කරන දාමරිකයින්ගේ ක්‍රීඩාව

නව වන රග්බි ලෝක කුසලාන ආරම්භයට තව පැය කිහිපයක් පමණක් ඉතිරිව ඇති නිසා මෙතෙක් පැවති ලෝක කුසලාන තරඟාවලි පිලිබඳ කෙටි ආවජනයක් කිරීමට සහ 2019 පැවැත්වීමට නියමිත තරඟාවලිය පිලිබඳ හැඳින්වීමක් කිරීමට මෙම ලිපිපෙළ මහින් අපි බලාපොරොත්තු වෙනවා.

මෙවර රග්බි ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය සැපයීමට ජපානය ඉදිරිපත් වෙලා තියෙනවා වගේම සැප්තැම්බර 20 දින සිට නොවැම්බර 02 දක්වා මාසයකට අධික කාලයක් පුරා තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. මෙවර තරඟාවලිය සඳහා ලොව දක්ෂතම රග්බි කණ්ඩායම් 20 ක් මූලික වටයේ කාණ්ඩ 4 ක් යටතේ තරඟ වැදීමට තමයි නියමිත වෙලා තියෙන්නේ. 1987 වර්ෂයේ පටන් සැම වසර හතරකටම වරක් පවත්වනු ලබන ලෝක කුසලාන තරඟාවලිය ආසියානු රටක පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි. 

2019 RWC

ඒ අනුව රග්බි ක්‍රීඩාව ප්‍රචලිත වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවලට සහ ආසියානු රග්බි ප්‍රේක්ෂකයන්ට ජාත්‍යන්තර රග්බි අත්දැකීම් ලබාගැනීමට මහඟු අවස්ථාවක් මෙවර උදාවෙලා තියෙනවා. මෙවර තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් පිළිබඳව ඉදිරි ලිපි මගින් වැඩිදුර විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර ඊට ප්‍රථම පසුගිය ලෝක කුසලාන තරඟාවලි අට පිළිබඳව කෙටි ආවර්ජනයකුයි මේ.

01. පළමු රග්බි ලෝක කුසලානය – 1987

1987 RWC Opening Ceremony

ලොව පළමු රග්බි ලෝක කුසලානය රටවල් 16 ක කණ්ඩායම් 16 ක සහභාගිත්වයෙන් ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවැත්වුණා. තරඟාවලිය ආරම්භයේ පටන්ම බොහෝ රග්බි විචාරකයින්ගේ අනාවැකි වල වැඩි වාසි හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වෙනවා.ඒ සියලු අනාවැකි වලට සාධාරණයක් ඉටු කරමින් ලොව පළමු ලෝක කුසලාන තරඟාවලිය තුල තම මුහුණ දුන් සියලු ප්‍රතිවාදීන් පරාජය කරමින් අවසන් තරඟය දක්වා අපරාජිතව පැමිණීමට නවසීලන්ත කණ්ඩායම සමත් වෙනවා.

1987-World-Cup-pools
1987 ප්‍රථම තරඟාවලියේ මුලික වටයේ කාණ්ඩ 4 කින් සමන්විත වුනා.

අවසන් තරඟයේදී ප්‍රංශය සමගින් ගැටෙන නවසීලන්තය ප්‍රංශයට එරෙහිව ලකුණු 29 ක් වාර්තා කිරිමට සමත් වුවත් ප්‍රතිවාදීන් හට ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 9 ක් පමණයි. ඒ අනුව ලකුණු 29 – 09 ක් ලෙස අවසන් තරඟය ජය ගෙන ප්‍රථම රග්බි ලෝක කුසලානය තමා සතු කර ගැනීමට නවසිලන්ත All Blacks කණ්ඩායම සමත් වෙනවා.

1987 World Cup final
1987 පළමු ලෝක කුසලාන අවසන් තරඟයේ අවස්ථාවක්
1987 RWC Champions
1987 පළමු ලෝක කුසලානය අතැතිව සිටින All Blacks නායක David Kirk
1987 RWC Champions
1987 පළමු ලෝක කුසලානය අතැතිව සිටින All Blacks නායක David Kirk

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

previous arrow
next arrow
previous arrownext arrow
Slider

Leave a Reply

Your email address will not be published. Required fields are marked *