Peagon Island
National Parks / Travels

පරෙවි දූපත ජාතික වනෝද්‍යානය

ශ්‍රී ලංකාව තුල ජාතික සාගර වනෝද්‍යාන දෙකක් නම් කර ඇති අතර පරෙවි දූපත ජාතික වනෝද්‍යානය එම ජාතික සාගර වනෝද්‍යාන දෙකෙන් එකක්. මෙය  පිහිටල තිබෙන්නේ  ත්රිකුණාමලයට උතුරින් නැගෙනහිර පළාතේ පිහිටි ඉතාම ලස්සන වෙරළ තීරයක් වන නිලාවැලි වෙරලින් කිලෝමීටරයක් පමන දුරින්.

පරෙවි දූපත සමුද්‍රීය අභයභූමිය හෙක්ටයාර 471.4 ක් දක්වා පැතිර ඇති අතර ඉන් හෙක්ටයාර 9 ක් ගොඩබිම් භුමි  ප්රමාණයකින් ආවරණය වී ඇති අතර ඉතිරිය මුහුදු ජලයෙන් යටව පවතින වනෝද්යානයේ මායිම් රේඛාව වන කොරල් තට්ටු වලින් සමන්විතව පවතිනවා.

 

 

මෙයට පරෙවි දූපත යන නම ලැබිල තියෙන්නේ ලංකාවට ආවේණික බ්ලූ රොක් පරෙවියන් සිය ගණනක් මෙම දුපත වාසස්ථානය කරගෙන ජීවත්ව සිටින නිසා. තවමත් මෙහි දුපත වෙත පිවිසෙන විට නරඹන්නන් හට බ්ලූ රොක් පරෙවියන් සියැසින් දැක ගන්න පුළුවන්.

පරෙවි දූපත සමුද්‍රීය අභයභූමිය විශාල සහ කුඩා පරෙවි දූපත් ලෙස හැඳින්වෙන දූපත් දෙකකින් සමන්විතව පිහිටලා තියෙනවා. එය 1963 වර්ෂයේ දී සමුද්‍ර  අභයභූමියක් ලෙස නම් කර තිබෙන අතර වර්ෂ 2003 දී ජාතික වනෝද්‍යානයක් ලෙස තෝරා ගෙන තිබෙනවා.

මෙහි විශාල දූපත ප්‍රදේශයේ  මීටර 200 ක් පමණ දිගින් හා මීටර 100 ක් පමණ පළලින් යුතු කලාපයක් පුරා පිහිටි කොරල් තට්ටු වලින් සමන්විත වූ ඉතා අන්රඝ කොරල් පරයක් දකින්න පුළුවන්. එහි ලංකාවේ වෙන කිසිම ප්‍රදේශයකින් හමු නොවන ආකාරයේ ඉතා දුර්ලභ ගනයේ කොරල් විශේෂ 100 ක් පමණ වාර්තා වෙනවා. මෙය ජෛව විවිධත්වය ඉහළ පරිසර පද්ධතියක් වන අතර එය  Acropora spp., Montipora spp., Faviddae, Mussidae සහ Poritidae කොරල් විශේෂය සමන්විත වෙනවා. ඊට අමතරව මෙය Sinularia, Lobophyton, සහ Sarcophyton වැනි මෘදු කොරල් විශේෂ වලටත් වාසස්ථාන සපයනවා.

කුඩා පරෙවි දූපත අසල කුඩා කුඩා දූපත් හා ගල් පර මායිම්වලින් වට වූ කොරල් පද්දතියක් පවතින අතර මෙම කොරල්  වාසස්ථානය කරගනිමින් මාළු විශේෂ 300 කට වැඩි පිරිසක් ජීවත් වෙනවා. මෙහි පිරිසිදු ජලය තුල වර්ණවත් කොරල් පර අතරින් පිහිනා යන එක් එක් ප්‍රමාණයේ වර්ණවත් මත්ස්‍යයින් ඉතා මනස්කාන්ත දර්ශන මවා පානවා. 

Peagon Island National park
Peagon Island National park

මෙහි මත්ස්ය විශේෂ අතර ඉතා කුඩා ප්‍රමාණයේ මසුන් මෙන්ම සිට වැඩිහිටි කළු ගල්පර මෝරුන් (Black tip reef shark) දකින්න ලැබෙනවා. ඊට අමතරව වඳවීමේ අවධානමට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ සහ  Raggedfin parrotfish, Humphead Wrasse, Mellon Butterflyfish,Black wedged buterflyfish,Moorish idon, Blue ringed angelfish සහ Emperor angelfish වැනි විශේෂ ගණනාවකට පරවී දුපත ජීවනාලිය සපයනවා. තවද මෙහි කැස්බෑවුන් විශේෂ වන  Hawksbill sea turtle, Green sea turtle, Leatherback, Loggerhead සහ Olive Ridley යන විශේෂ වාර්තා වෙලා තිබෙනවා.

එමෙන්ම මෙම වෙරල කලාපය මුහුදු ජීවීන් හා කොරල් පර පිලිබඳ පර්යේෂකයන්ට සහ කිමිදෙන්නන්ට මෙන්ම Scuba, Surfing සහ Snorkeling කිරීම සඳහා උනන්දුවක් දක්වන අය සඳහා දිව්‍ය ලෝකයක්  කියල කියන්නත් පුළුවන්. ඒ තරම්ම අනර්ඝ මෙන්ම අලංකාර පරිසර පද්දතියක් පරවී දුපත වනෝද්‍යානය සතුයි. 

Peagon Island National Park

පරෙවි දූපත ජාතික වනෝද්‍යානය කොලඹ සිට කි.මී. 312 ක් දුරින් පිහිටා ඇති අතර පුත්තලම-අනුරාධපුර-ත්‍රිකුණාමලය මාර්ගය ඔස්සේ ගමන් කර ලඟාවිය හැකිය. මෝටර් රථයකින් නම් ඒ සඳහා ඇස්තමේන්තුගත ගමන් කාලය පැය 6 ක් පමණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *