Blogs / National Parks / Travels

මින්නේරිය ජාතික වනෝද්‍යානය

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සැලකිය යුතු ප්‍රදේශයකට ජලය සපයන ලද පුරාණ මින්නේරිය ජලාශය කේන්ද්‍ර කරගනිමින් මින්නේරිය ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙනවා. මින්නේරිය ජාතික වනෝද්‍යානය හෙක්ටයාර 8,890 ක පමණ භුමි ප්‍රදේශයක් අවරනය කරනවා

කවුඩුල්ල සහ වස්ගමුව උද්‍යාන සමඟ සම්බන්ධ වන අලි කොරිඩෝවේ කොටසක් වන මින්නේරිය ජාතික වනෝද්‍යානය වසර පුරා අලි රංචු නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව ලබා දෙනවා. විශාල අලි රංචු එක්රැස්වීම් සැලකිල්ලට ගත්විට මින්නේරිය ජාතික වනෝද්‍යානය නැරඹීමට හොඳම කාලය ලෙස ඔක්තෝබර් සිට මැයි දක්වා කාලය හඳුන්වන්න පුළුවන්. මින්නේරිය ජාතික වන උද්‍යානය ආසියාවේ වැඩිම අලින් ප්‍රමාණයක් එකවර නැරඹීමට හැකි ස්ථානය ලෙසද හඳුන්වනවා. 

මෙම කාලය තුළ මින්නේරිය ජලාශය අවට වර්ග කිලෝමීටර කිහිපයක් ඇතුළත අලි 300 ක පමණ රංචු දක්නට ලැබෙනවා. වියලි කාලයේදී අවට වනෝද්‍යාන වල සිට අලි ඇතුන් විශාල වශයෙන් ආහාර සහ ජලය සොයමින් මින්නේරිය ජලාශය වෙත සංක්‍රමණය වෙනවා.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දේශගුණික ලක්ෂණ

හෙක්ටයාර 8,889 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මින්නේරිය ජාතික වනෝද්‍යානය නිවර්තන මෝසම් දේශගුණික ලක්ෂණ පෙන්නුම් කරනවා. වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1146 ක් පමණ වන අතර මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27.5 ක අගයක පවතිනවා. උන්නතාංශය මීටර් 100 සිට උසින් වැඩිම ස්ථානය වන නිල්ගල කඳු මුදුන දක්වා මීටර් 885 දක්වා පරාසයක විහිදී පවතිනවා.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වෘක්ෂලතාදිය

උද්‍යානයේ ශාක ප්‍රජාව, නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, අතහැර දැමූ හේන් ඉඩම්, තෘණ බිම් සහ තෙත්බිම් වලින් සමන්විත වෙනවා. විවෘත තෘණ බිම් සහ පැරණි හේන් ඉඩම් තුල, කුඩා පඳුරු විශේෂ බොහොමයක් පැතිරී පවතින ආකාරය දැකගන්න පුළුවන්.
මාන(Randia dumetorum), කප්පෙට්ටිය(Croton sp.),වරා(Calotropis Gigantea) සහ තෘණ විශේෂ, කටු-උන(Bambusa bambos), වැලි ඉඳි(Phonenix zeylanica) සහ ඉලුක්(Imerata Cylindirca) ඒ අතර බහුලව දකින්න පුළුවන්.

විශාල ගස් අතර පලු (Manilkara Hexandra), බුරුත (Chloroxylon Swietenia), මිල්ල (Vitex Altissima), කලුමැදිරිය (Diospyros Quaesita), හල්මිල්ල (Berrya Cordifolia), වීර (Drypets Sepiaria) දැකගන්න පුළුවන්.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වන ජීවින්

උද්‍යානයේ වාසය කරන ක්ෂීරපායින් විශේෂ 24 හඳුනාගෙන ඇති අතර අලි, දිවියන්, අලින්, වලසුන්, තිත් මුවන්, ගොනුන්, කුළු හරක්, වල ඌරන්, අළු වඳුරන්, දම් පැහැ මුහුණැති කොළ වඳුරන්, මුගටින් විශේෂ තුනක්, ඉත්තෑවන් සහ ඉන්දියානු කබල්ලැවන් විශේෂ තුනක් ඒ අතර සිටිනවා.

Minneriya National Park

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ කුරුල්ලන් විශේෂ 170 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සංක්‍රමණික පක්ෂි විශේෂ කිහිපයක්ද ඒ අතර වෙනවා.

වනෝද්‍යානයේ උභයජීවී විශේෂ නවයක් හමු වර්ත් වී ඇති අතර ආවේණික හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ස්ලෙන්ඩර් ලී ගෙම්බා සහ පොදු ගස් ගෙම්බා හමුවනවා. උද්‍යානයේ වාර්තා වී ඇති උරග විශේෂ 25 න් 8 ක්ම ලංකාවට ආවේණික විශේෂ වේ. ඒ අතර දුර්ලභ රතු තොල් කටුස්සා ද වනවා. තල ගොයන් සහ කබරයින් ද මෙහි දැකගන්න පුළුවන්. ජලාශය අවට කිඹුලන් සහ ජලාශය තුල මිරිදිය මත්ස්‍ය විශේෂ කිහිපයක්ම වාර්තා වෙනවා.

මින්නේරිය වන උද්‍යානයට ළඟාවන ආකාරය

මින්නේරිය ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු මැද පලාතේ කොළඹ සිට කි.මී. 182 ක් දුරින වන අතර. මින්නේරිය ජාතික වනෝද්‍යානයට ආසන්නතම නගරය වන්නේ පොලොන්නරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *