Blogs / Travels

මාදුරුඔය ජාතික වන උද්‍යානය

මාදුරුඔය ජාතික වන උද්‍යානය කොළඹ සිට කිලෝමීටර 314 ක් දුරින්  වියළි කලාපයේ හෙක්ටයාර 58,849 ක ප්‍රදේශයක් ආවරණය කරමින් පැතිරී පවතිනවා.මාදුරුඔය ප්‍රධාන වශයෙන් වන අලින්ගේ වාසස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා. බහුලව අලින් ගැවසෙන නිසා මාදුරුඔය සංචාරය කරන කාට උවත් පහසුවෙන් වන අලි ඇතුන් නැරඹීමට අවස්ථාව උදා වෙනවා.

අලි ඇතුන් හැරුණු කොට, දිවියන්, වලසුන්, ගෝනුන්, තිත් මුවන්, වල් ඌරන් හා වන මී හරකුන් මෙහි බහුලව දක්නට ලැබෙනවා. තවද වන උද්‍යානය තුල පිහිට ඇති ගල් තලා ආශ්‍රිතව රිලවුන් විශාල වශයෙන් ගැවසෙන අතර ශ්‍රී ලංකාවට අවේනික දම් මුහුනැති කළු වඳුරු විශේෂයද දැකගන්න පුළුවන්. එමෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන රතු උනහපුළුවන් විශේෂයද මාදුරුඔය ජාතික වන උද්‍යානයෙන් වාර්තා වෙනවා.ඒ වගේම මෙහි කුරුල්ලන් විශේෂ 100 කට අධික සංක්‍යාවක් දැනට හඳුනාගෙන තිබෙනවා.

වන උද්‍යානයට අමතරව මාදුරුඔය අවට පෞරාණික නටබුන් හමුවෙනවා. හෙනානිගල, කුඩාවිල, ගුරුකුඹුර සහ වෙරකුඹුර යන ප්රදේශ වල සහ තවත් ආසන්න ප්රදේශ වල නටඹුන් හමුවන අතර ශ්රී ලංකාවේ ඉතිහාසයේ විවිධ යුගයන් වලට අයත් කරඬු, පුරාණ බෞද්ධ සිද්ධස්ථාන, විහාරස්ථාන, දාගැබ්ප්‍රතිමා සහ දේවාල අතර වනවා

තවද උද්‍යාන පිවිසුම තුළ වනජීවී කෞතුකාගාරයක්ද වනජීවී දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනවා. ඇතුළු වන ඕනෑම සංචාරකයන්ට එම කෞතුකාගාරයද නැරඹීමට පුළුවන්.

මාදුරුඔය වන උද්‍යානයට ලඟා විය හැකි ආකාර

  • මහනුවර සිට මහියන්ගනය හරහා පදියතලාවට පැමිණ එතැන් සිට මහඔය හරහා මාදුරුඔයට ලඟා විය හැකී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *