Blogs / Travels

කුමන ජාතික වනෝද්‍යානය

ශ්‍රී ලංකාවේ කුරුළු රාජධානිය වන කුමන ජාතික වනෝද්‍යානය ඒක දෙශීය පක්ෂින්ගෙන් වගේම සංක්‍රමණික පක්ෂීන්ගෙනුත් පිරි පවතින විශාලතම වන උද්‍යානය ලෙස හඳුන්වන්න පුළුවන්. යාල නැගෙනහිර ජාතික උද්යානය ලෙසින්ද හැඳින්වෙන කුමන ජාතික උද්යානය ශ්රී ලංකාවේ දකුණු පළාතේ අම්පාර දිස්ත්රික්කයේ පිහිටා තිබෙනවා. කුමන ජාතික වන උද්‍යානය හෙක්ටයාර 35,664 ක් පුරා ව්‍යාප්තව පවතිනවා. ඒ වගේම උද්‍යානයේ සීමාවන් ලෙස බටහිරින් කුඹුක්කන් ඔයත්, දකුණින් පානම දෙසට මුහුදු වෙරලත් හඳුන්වන්න පුළුවන්. කුමන තුල ස්වාභාවිකව හට ගෙන ඇති කඩොලාන වලින් සමන්විත විල්ලු වසරේ සමහර කාලවලදී මුහුදු ජලයෙන් යට වන අතර උද්‍යානයේ මුළු භූමියෙන් හෙක්ටයාර 200ක් පමණම සමන්විත වී තිබෙන්නේ මෙම විල්ලු වලින් වීම විශේෂත්වයක්. ඒ වගේම වනෝද්‍යානය තුලත් පක්ෂීන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. කුඩුවිල වැව, තුම්මුල්ල වැව සහ කොටලිඳ වැව එම ස්ථාන වලින් කිහිපයක්.

කුමන ජාතික වනෝද්‍යානයේ වන ජීවින්

දැනට තර්ජනයට ලක් වී තිබෙන ජීවින් ගණනාවකටම කුමන වනෝද්‍යානය ආහාර සහ වාසස්ථාන සපයනවා. ඒ අතර කැස්බෑ විශේෂ කිහිපයක්ද වෙනවා. ඊට අමතරව අනෙකුත් තර්ජනයට ලක් වූ විශේෂයන් අතරට ගෝලීයව තර්ජනයට ලක්ව ඇති කිඹුල් විශේෂයක් වන (Crocodylus palustris) සහ ඉන්දියානු කළු කැස්බෑවා ඇතුලත්.

කුමන වනෝද්‍යානයට ඇතුළු වන ඕනෑම සංචරකයෙකුගේ ප්‍රධාන අරමුණ පක්ෂීන් නැරඹීම සහ ගවේෂනයයි. ශ්රී ලංකාවට ආවේණික, නේවාසික සහ සංක්රමණික පක්ෂීන්ගෙන් සමන්විත වන පක්ෂි විශේෂ 430 කට වඩා මෙහි වාර්තා වෙනවා. මොවුන් අතරින් විශේෂ 200 කට වඩා පක්ෂීන් සංචාරකයන්ට පහසුවෙන් දැක ගන්න පුළුවන්. විවිධ වර්ගයේ පක්ෂින් විශේෂ ඉතා විශාල ප්‍රමාණයක් ලංකාවේ විවිධ වනෝද්‍යාන වලින් හමු වෙනවා. ඒ නිසාම ලෝකයේ නිවර්තන කලාපීය විශාලතම සහ හොඳම පක්ෂි නිරීක්ෂණ ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

කුමන වනොද්යනය තුල කලපු සහ පොකුණු 20ක් පමණ පිහිටා තිබෙනවා. එම කලපු ආශ්‍රිතව නිරීක්ෂණය කළහොත් වසරේ කුමන කාලයක උනත් පක්ෂි පාරාදීසයන් දැකගන්න පුළුවන්. නමුත් මැයි සහ සැප්තැම්බර් මාස අතර නිරිත දිග මොසමත් සමග පක්ෂීන් ගණනක් කුමන වෙත සංක්‍රමණය වෙනවා. වාර්ෂිකව ළඟාවෙන එම පක්ෂීන් විශේෂ 250 කට පමණ අයත්.

පෙලිකන්, හැඳි ආලාවන්, කොකුන් විශේෂ ගණනාවක් සහ සමනලුන් විශේෂ බොහොමයක් කුමන උද්‍යානයේදී නිරන්තරයෙන් දැකගන්න පුළුවන්. ඒ අතර දුර්ලභ ගනයේ පක්ෂි විශේෂ කිහිපයක්ම මෙහි දැකගන්න පුළුවන්. ගෙල කළු මාන කොකා(Black-necked Stork), Lesser Adjutant, Eurasian Spoonbill, සහ Great Thick-knee ඒ අතර සිටිනවා.

සංක්‍රමණික පක්ෂීන් විශාල රංචු වශයෙන් කුමන වෙත සංක්‍රමණය වීම සුලභ කරුණක්. ඔවුන් අතර Asian Open bill, White-breasted Water hen, Lesser Whistling Glossy Ibis, Purple Heron, Great Egret, Indian Pond Heron, Weathercock, Purple Swamp hen, Duck Black-crowned Night Heron, Intermediate Egret, Little Egret, Spot-billed Pelican, Indian Cormorant, Little Cormorant, Common Moorhen සහ Little Grebe යන පක්ෂි විශේෂ ඇතුලත්.

ඒ වගේම සංක්‍රමණික දුර්ලභ පක්ෂි විශේෂ ලෙස Yellow-footed Green Pigeon, Greater Racket-tailed Drongo, Malabar Trogon, Red-faced Malkoha, and Sirkeer Malkoha. Pacific Golden Plover, Greater Sand Plover, Lesser Sand Plover, Grey Plover, Ruddy Turnstone, Little Ringed Plover, Wood Sandpiper, Marsh Sandpiper, Common Redshank, Common Sandpiper, Curlew Sandpiper, Little Stint, Common Snipe සහ Pintail Snipe නම් කරන්න පුළුවන්.

පක්ෂින් හැරුණු කොට කුමන වනෝද්‍යානය තවත් ක්ශීරපායි සතුන් සඳහාද වාසස්ථාන සපයා දී තිබෙනවා. ඒ අසල්වැසි යාල වනෝද්‍යානයේ ජීවත් වන අලි ඇතුන්, කොටියන්, වලසුන්, හිවලුන් සහ වල ඌරන් වැනි සිව්පාවුන් සඳහායි.

කුමනට ළඟාවන ආකාරය

කොළඹ සිට ඇති මුළු දුර කිලෝමීටර 390ක් පමණ, ඇතුල්වීමේ දොරටුව පිහිටලා තිබෙන්නේ පානම නම් ප්‍රදේශයේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *