Blogs / un

මොනවද මේ කළු කුහර ?

කළු කුහරයක් යනු කුමක්ද ?

සරලව කියනවනම් කළු කුහරයක් යනු ගුරුත්වාකර්ෂණ බලය ඉතා ප්‍රභලව  ක්‍රියාත්මක වන අභ්‍යවකාශ කලාපයක්. මෙහි ගුරුත්වාකර්ශන බලය කොතරම්ද කියනවනම් මේ තුලට ගමන් කරන ආලෝකයකට පවා ඉන් ගැලවී යාමට හැකියාවක් නෑ. ඉතා කුඩා අවකාශයක විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් තෙරපීමෙන් කළු කුහරයකට මේ තරම් ගුරුත්වයක් ඇති වී තිබෙනවා. NASA ආයතනය පවසන අන්දමට තාරකාවක් එහි ජීව කාලය අවසාන වූ පසුව හෝ මියයමින් පවතින තාරකාවක් නිසා මේ කළු කුහරයක් එහෙමත් නැත්තම් මේ තරම් දැඩි ගුරුත්වයක් සහිත ප්‍රදේශයක් අභ්‍යවකාශය තුල හටගන්න පුළුවන්.

පෙර සඳහන් කරපු විදිහටම කළු කුහරයකින් කිසිම ආලෝකයක් පවා පිට නොවන නිසා කළු කුහර දකින්න හැකියාවක් නෑ නමුත් අති විශේෂිත උපකරණ වලින් සමන්විතව වැඩි දියුණු කරන ලද නවීන දුරේක්ෂ වල සහයෙන් කළු කුහර සොයාගැනීමට වර්තමානය වන විට පුළුවන් වෙලා තියෙනවා. ඒ මෙම නවීන දුරේක්ෂ යොදාගෙන  කළු කුහරයකට ආසන්නයේ පවතින ග්‍රාහක සහ වෙනත් ද්‍රව්‍ය වල හැසිරීම නිරීක්ෂණය කිරීම මගින්.

කළු කුහර කොපමණ විශාලද?

කළු කුහර වලට නිශ්චිත වූ ප්‍රමාණයක් නැහැ ඒවා විවිද ප්‍රමාණ වලින් තිබෙන්නට පුළුවන්. නමුත් කළු කුහරයක් සතු ස්කන්ධය සහ එහි අවකාශ ප්‍රමාණය අනුව ප්‍රධාන ලෙස කාණ්ඩ තුනකට වෙන්කර දක්වනවා.

  • Primordial black holes – කුඩාම ප්‍රමාණයේ කළු කුහර මේ  හඳුන්වනවා. විද්යාඥයින් විස්වාස කරන ආකාරයට මෙම කළු කුහරයක් තනි පරමාණුවක් තරම් කුඩා නමුත් එහි ස්කන්ධය විශාල කන්දක තරම් විය හැකී.
  • Steller – සාමාන්යයෙන් මධ්යම ප්රමාණයේ කළු කුහර බොහෝ විට “steller” ලෙස හඳුන්වනවා. Steller එහෙමත් නැත්තම් මද්යම ප්‍රමාණයේ කළු කුහරයක් සාමාන්‍යයෙන් 10 KM පමණ විෂ්කම්භයක් සහිත වන අතර එහි ස්කන්ධය සුර්යා මෙන් විසි ගුණයක් පමණ වනවා. එමෙන්ම අප අයත් වන ක්ෂීරපථ මන්දාකිනිය තුල ද මෙවන් කලුකුහර කිහිපයක්ම තිබිය හැකි බවට අනුමාන කරනවා.
  • Supermassive – විශාලත්වයෙන් වැඩිම කළු කුහර මේ නමින් හඳුන්වනවා. Supermassive කළු කුහරයක් අප සෞරග්‍රහ මණ්ඩලය තරම් විශාලත්වයකින් යුක්ත විය හැකි අතර එහි ස්කන්ධය සුරයන් මිලියනයක ස්කන්ධයට වඩා වැඩි විය හැකී. දැනට ලබාගෙන ඇති දත්ත අනුව සෑම විශාල ප්‍රමාණයේ මන්දකිනියකම මද්‍යයේ  මෙවන් විශාල කලුකුහරයක් පවතින බවට විද්යාඥයින් අනුමාන කරනවා. ක්ෂීරපථ මන්දාකිනිය මද්‍යයේ තිබෙන විශාල කලුකුහරය ප්‍රමාණයෙන් සුර්යා තරම් විශාල සහ ස්කන්ධය සුර්යයන් මිලියන 4ක් තරම් වන අතර එය Sagittarius A ලෙස හඳුන්වනවා.

කළු කුහර සෑදෙන්නේ කෙසේද?

Primordial black holes හෙවත් කුඩාම ප්‍රමාණයේ කළු කුහර විශ්වයේ මුල් අවදියේ එහෙමත් නැත්තම් මහපිපිරුමෙන් (Big Bang) පසු කෙටි කාලයක් තුල නිර්මාණය වුවා යැයි අනුමාන කරනවා.

දැවැන්ත තාරකාවක ඉන්දන අවසන් වෙමින් ජීව කාලය අවසන් වනවාත් සමගම එහි කේන්ද්‍රය (Core) හැකිලී යාමෙන් ඇති වන අධික තෙරපුම නිසා බොහෝවිට එය පුපුරායාමට හේතු වෙනවා. මේ ලෙස තාරකාවක් පුපුරා යාම (supernova) බොහෝවිට මද්යම ප්‍රමාණයේ කළු කුහර (Steller) නිර්මාණය වීමට හේතු වෙනවා.

විද්යාඥයින් පවසන ආකාරයට (Supermassive) එහෙමත් නැත්නම් විශාලතම කළු කුහර නිර්මාණය වෙලා තියෙනේ ඒවා අයත්වන මන්දාකිණි (galaxy) නිර්මාණය වූ අවස්තවෙදිමයි. මේ (Supermassive) කළු කුහර වල විශාලත්වය ඒවා අයත්වන මන්දාකිනි වල විශාලත්වය ට හා එහි ස්කන්ධයට සාපෙක්ෂව වෙනස් වෙනවා.

කළු කුහර “කළු” නම් විද්යාඥයන් එය දකින්නේ කෙසේද?

කළු කුහරයක ගුරුත්වාකර්ෂණ බලය ආලෝකය පවා ඇදගැනීමට තරම් ප්‍රභල නිසාවෙන් කිසි විටකවත් කළු කුහර දැකගන්න ලැබෙන්නේ නෑ නමුත් කළු කුහරයක් ආසන්නයේ ඇති තාරකා, ග්‍රහ වස්තුන් සහ වායුන් ප්‍රභල ගුරුත්වයට හසු වීමෙන් ඇතිවන වෙනස් චලනයන් නිරීක්ෂණය කිරීම මගින් කලුකුහර හඳුනා ගන්න විද්යාඥයින්ට පුළුවන්.

කළු කුහරයක් සහ තරුවක් ආසන්නව ගමන් කරන අවස්ථාවල ඉතා ප්‍රභල ආලෝකයන් නිපදවනු ලබනවා. වැඩි දියුණු කල දුරේක්ෂ මගින් එම ආලෝක ධාරාවන් නිරීක්ශණය කරන්නත් විද්යාඥයින්ට පුළුවන්.

කෙදිනක හෝ අප සූර්යයා කළු කුහරයක් බවට පත්වෙවිද?

කළු කුහරයක් බවට පත් වීමට තරම් ප්‍රමාණවත් ස්කන්ධයක් සුර්යයා සතුව නොමැත. තවත් වසර බිලියන ගණනකදී ජීව කාලය අවසාන වීමත් සමගම සුර්යා දැවැන්ත රතු තරුවක් බවට පත් වනු ඇත. ඉන් පසුව එහි අවසන් ඉන්දන ධරිතාවයත් අවසන් වීමත් සමග සුර්යාගේ පිටත ආවරණය ක්ෂය වී වායු වළල්ලක් බවට පරිවර්තනය වෙයි. එය Planetary nebula ලෙස හැඳින්වේ. අවසානයේ ඒ සියල්ල සිසිලනය වීමට පටන්ගෙන සුර්යා සිසිල් ධවල තරුවක් බවට පත් වනු ඇති බවට විද්යාඥයින් විස්වාස කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *